නේටෝ
Organisation du traité de l'Atlantique nord | |
සංක්ෂිප්තය | නේටෝ, NATO, OTAN |
---|---|
ආදර්ශ පාඨය | Animus in consulendo liber "A mind unfettered in deliberation" |
වර්ගය | හමුදාමය සන්ධානය |
මූලස්‌ථානය | බ්රසෙල්ස්, බෙල්ජියම |
Membership |
|
නිල භාෂා | ඉංග්‍රීසි, ප්‍රංශ |
ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් | |
අද්මිරාල් රොබ් බවර්, නෙදර්ලන්ත රාජකීය නාවික හමුදාව | |
ජනරාල් ටොඩ් ඩී. වෝල්ටර්ස්, එක්සත් ජනපද ගුවන් හමුදාව |
උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානය, (North Atlantic Treaty Organization) නේටෝ (NATO) හෝ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු යුරෝපානු රටවල් 29 ක් සහ උතුරු ඇමරිකානු රටවල් 02 ක් සාමාජිකත්වය දරන අන්තර්-රාජ්‍යය හමුදාමය සන්ධානයකි. 2023 දී ෆින්ලන්තය ද අලුතින් සාමාජිකත්වය ලබා ගන්නා ලදී. උතුරු ඇමරිකා මහාද්වීපය නියෝජනය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යි. නේටෝ සංවිධානය විසින් 1949 අප්‍රේල් 4 වැනිදා රටවල් 12 ක් විසින් අත්සන් කරන ලද උතුරු අත්ලාන්තික් ගිවිසුම ක්‍රියාවට නංවනු ලැබීය.
සෝවියට් දේශය පැවති සමයේ නිරන්තරයෙන් නෙටෝ සංවිධානය පිළිබඳව සඳහන් වුවත් සෝවියට් දේශය බිඳ වැටීමත් සමගම එම සංවිධානය පිළිබඳවද පැවැති අවධානය අඩුවිය. ඊට හේතු වූයේ 1991 වසරේ සෝවියට් දේශය බිඳ වැටීමත් සමගම 1955 වසරේ සමාජවාදී රටවල් එක්ව පෝලන්තයේ වෝර් සෝ නගරයේ පිහිටවූ වෝර් සෝ සංවිධානය ද බිඳ වැටීමයි. එහෙත් 2022 වසරේ ආරම්භ වූ රුසියන් සහ යුක්රේන් අතර යුද්ධයට නෙටෝ සංවිධානය ඉදිරිපත්වීමත් සමගම යළිත් එම සංවිධානය පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වී තිබේ.
නෙටෝ සංවිධානය බිහිවූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු 1949 අප්‍රියෙල් 04 වන දිනදීය. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ලෙස හඳුන්වන මෙහි වර් තමාන සාමාජික සංඛ්‍යාව 31 ක් වන අතර මෙහි මූලික අරමුණ යුධමය වශයෙන් ඒකාබද්ධ සංවිධානයන් බිහිකර ගැනීමය. මෙම සංවිධානයේ ප්‍රධාන මූලස්‌ථානය පිහිටා ඇත්තේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරය. මෙම සංවිධානයේ මූලික සාමාජිකයන් වූයේ නෙදර්ලන්තය, බෙල්ගියම, ලක්‌සම්බර්ග්, ප්‍රංශය සහ එක්‌සත් රාජධානිය යන රටවල්යි 5 යි. ඒ අතර සෝවියට් දේශයේ ප්‍රධානත්වයෙන් සෝවියට් සහ බර්ලින් ඒකාබද්ධ සංවිධානයක් බිහිවීම හේතුවෙන් මෙම බටහිර යුරෝපීය ආරක්‍ෂක සංගමය බිහිවිය. ඊට මූලික හේතුව වූයේ සෝවියට් රාජ්‍යයේ යුදමය ශක්‌තියට මුහුණදීම සඳහා එක්‌සත් ජනපදයේ සහභාගීත්වය අවශ්‍ය බව තේරීමත් සමග ඇතිවූ සාකච්ඡාවල ප්‍රතිඵලය වූයේ 1949 අප්‍රියෙල් 04 වන දින වොෂින්ටනයේදී නේටෝ ගිවිසුම අත්සන් කිරීමය. බ්‍රසල්ස් නුවරදී අත්සන් තැබූ රටවල් 5 ට අමතරව එක්‌සත් ජනපදය, කැනඩාව, පෘතුගාලය, ඉතාලිය, නෝර් වේ, ඩෙන්මාක් සහ අයිස්‌ලන්තය යන රටවල් පසුව සාමාජිකත්වය ලබා ගෙන ඇත. එහිදී තීරණය වූයේ ඇමරිකාව ඇතුළු මෙම රටවල් කිසිවකට හෝ යුද ප්‍රහාරයක් එල්ල වුවහොත් එම ප්‍රහාරය සංවිධානයට එල්ල කළ ප්‍රහාරයක් සේ සලකා කටයුතු කරන බවය.
මෙහිදී අදහස් වන්නේ මේ සෑම රටක්‌ම යුදමය වශයෙන් සතුරාට එරෙහිව පහරදීමක් නොවේ. එය තමන්ගේ නිගමනය පරිදි සිදුකිරීමේ හැකියාවක් එහි කොන්දේසිවලට අනුව ඉඩ කඩ ඇත. මෙම සංවිධානයේ මූලික අභියෝගය වූයේ 1950 හටගත් කොරියානු යුද්ධයයි. මෙම අවස්‌ථාවේදී සියලු කොමියුනිස්‌ට්‌වාදී රටවල් කොරියානු කොමියුනිස්‌ට්‌වාදීන්ට උපකාර කිරීමට ඉදිරිපත් විය. ඒ සමගම නෙටෝ සංවිධානය තම ශක්‌තිය යොදවමින් ප්‍රතිවිරුද්ධව කණ්‌ඩායමට සහයෝගය දැක්‌වීමට පටන් ගන්නා ලදී.
1949 ආරම්භ කළ සන්ධානයේ ආරම්භක සාමාජිකයින් 12 දෙනෙක් සිටියහ. ඒ රටවල් වූයේ බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාක්, ප්‍රංශය, අයිස්ලන්තය, ඉතාලිය, ලක්සම්බර් ග්, නෙදර් ලන්තය, නෝර් වේ, පෘතුගාලය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයයි. එතැන් සිට තවත් රටවල් 19 ක් සන්ධානයට එකතු වී ඇත. ග්‍රීසිය සහ තුර් කිය (1952), ජර් මනිය (1955), ස්පාඤ්ඤය (1982), චෙක් ජනරජය, හංගේරියාව සහ පෝලන්තය (1999), බල්ගේරියාව, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ ස්ලෝවේනියාව, ඇල්බේනියාව සහ ක්‍රොඒෂියාව (2009), මොන්ටිනිග්රෝ (2017), උතුරු මැසිඩෝනියාව (2020), සහ ෆින්ලන්තය (2023). මෙම සියලු රටවල් මෙම සංවිධානයේ නිල භාෂාව ලෙස පිළිගෙන ඇත්තේ ඉංග්‍රීසි භාෂාවයි. ප්‍රංශ භාෂාව අනෙක් නිල භාෂාව වේ.