මුල් පිටුව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ආයුබෝවන්!
සිංහල විකිපීඩියා, ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.
සමස්ත සිංහල ලිපි ගණන 17,743 කි.

විශේෂාංග ලිපිය

Zahntempel Kandy.jpg

ශ්‍රී දළදා මාලිගාව බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් අතරින් ශ්‍රී ලංකාවේ ඇති දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට ලංකාද්වීපයේ රජකමට හිමිකම ඇත. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හෝ අස්ගිරි දෙපාර්ශවයක ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට තේවාව නම් පූජා සත්කාරය පවත්වනු ලබයි. මෙම තේවාව දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

ඔබ දැන සිටියාද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

ලිනස් ටොවල්ඩ්ස් 2002දී

  • ...ලිනස් ටොවල්ඩ්ස් (ඡායාරූපිත) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • පුවතකින් බිඳක්

    බැට්සිරායි සුළිසුළඟ පෙබරවාරි 5 දිනදී


    අතීතයේ අද වැනි දිනෙක ...

    මාර්තු 2: සිංහල භාෂා දිනය
  • 1815 – බලකාමී උඩරට රදළයන් විසින් ලංකාද්වීපය ඉංග්‍රීසීන්ට පාවාදීමට අත්සන් කල උඩරට ගිවිසුම පිළිබඳ කටයුතු ඇරඹිණි.
  • 1815ඉර උදාව අනුව ගණන් සෑදෙන සිංහල වේලාව භාවිතා කිරීම අවසන් වීම.
  • 1883 – ප්‍රවීණ තෙල් සායම් හා දියසායම් චිත්‍ර ශිල්පි මුදලිඳු අමරසේකර, උපත.

    තවත් සිදුවීම්: මාර්තු 1මාර්තු 2මාර්තු 3

  • විශේෂාංග පින්තූරය

    Mariecurie.jpg

    මාරියා ස්ටොඩොව්ස්කා කියුරි හෙවත් මාරි කියුරි භෞතික විද්‍යාඥවරියක් මෙන්ම රසායනික විද්‍යාඥවරියක් ද විය. විකිරණශීලතාවය නැමැති ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඇය නොබෙල් ත්‍යාගය දෙවරක් දිනා ගැනීමට හැකියාව ලබා ගත්තාය. (වර්තමානය වනතුරු විද්‍යා ක්ෂේත්‍රයන් දෙකක නොබෙල් ත්‍යාගය දිනාගත් එකම පුද්ගලයා ඇය‍වේ.) එමෙන්ම පැරිස් විශ්ව විද්‍යාලයේ ප්‍රථම කාන්තා මහාචාර්යවරිය ද ඇය වේ.

    ඡායාරූපය: Magnus Manske

    විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන

    • ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
    • උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
    • ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
    • නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
    • අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
    • කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.

    විකිපීඩියා සහෝදර ව්‍යාපෘති

    විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමාධ්‍ය පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

    සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.

    commons කොමන්ස්
    නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
    Wikinews විකිපුවත්
    විවෘත පුවත්පත් කලාව
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wiktionary වික්‍ෂනරි
    නිදහස් ශබ්දකෝෂය
    Wikibooks විකිපොත්
    පෙළපොත් සහ අත්පොත්
    Wikiquote විකිකියමන්
    උපුටා දැක්වීම්
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikispecies විකිජීවිවිශේෂ
    ජීවි විශේෂ නාමාවලිය
    Wikiversity විකිසරසවිය
    ඉගෙනීමේ මෙවලම්
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikivoyage විකිචාරිකා
    සංචාරක මාර්ගෝපදේශකය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikisource විකිමූලාශ්‍ර
    මූලාශ්‍ර පාඨ
    Wikidata විකිදත්ත
    දැනුම් සංචිතය
    Meta-Wiki මෙටා-විකි
    සම්බන්ධීකරණය
    MediaWiki මීඩියාවිකි
    විකි මෘදුකාංග සංවර්ධනය

    විකිපීඩියා භාෂාවන්

    "https://si.wikipedia.org/w/index.php?title=මුල්_පිටුව&oldid=434486" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි